මුහුදු පතුලට ලගා වී මතුපිටට ඡායාරූප සම්ප්‍රේශණය කළ හැකි ප්‍රංශයට අයත් යාත්‍රාවක් අතුරුදන් වූ සබ්මැරිනය සෙවීමේ සෝදිසි මෙහෙයුම් කලාපයට පිටත් කර හැර තිබෙනවා.

“වික්ටර් 6000” ලෙස සැලකෙන යාත්‍රාව සතුව සුන්බුන් කැපිමේ හෝ ඉවත් කිරීම වැනි අතිශය සියුම් උපමාරු කළ හැකි යාන්ත්‍රික අවි දෙකක් ද ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම “වික්ටර් 6000” යාත්‍රාවට දැනට අත්ලන්තික් සාගරයේ සැරිසරන ඕනෑම යාත්‍රාවකට වඩා විශාල ගැඹුරකට ළඟා විය හැකි බව ද සදහන්.

මුහුදු මට්ටමේ සිට අඩි 12,500 ක් පමණ පහළින් පිහිටා ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් තුළ අතුරුදන් වූ සබ්මැරිනය සිර වී ඇත්නම් ඊට සහාය විය හැකි ලෝහ කැපීමට මෙන්ම චලනය කළ හැකි කෘතිම අතක්ද මෙම මිනිසුන් රහිත යාත්‍රාවට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 5 දෙනෙකු සමග අතුරුදන් වූ සබ්මැරිනයේ ඔක්සිජන් මට්ටම අවසන් වී ඇති බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

 

WhatsApp Group

Skip to content