මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක 15 ක වී වගාව සදහා පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව හම්බන්තොට, මොණරාගල, අම්පාර, මඩකලපුව, පොලොන්නරුව, අනුරාධපුර, නුරවඑළිය, මාතලේ, ත්‍රිකුණාමලය සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල වී වගාව සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් පළිබෝධනාශක ඉසීමට සැළසුම් කර තිබෙනවා.

මේ වනවිට මෙම සෑම දිස්ත්‍රික්කයකම ගොවි ජන සේවා මධ්‍යස්ථාන සඳහා ඩ්‍රෝන යානාවක් බැගින් ලබාදීමට කෘෂි ආංශික තාක්ෂණික සභාව විසින් කටයුතු යොදා ඇති බව එම සභාවේ සභාපති කාවින්ද දිසානායක මහතා පවසනවා.

WhatsApp Group

Skip to content