සියලුම පළාත්වල මෝටර් රථවල ආදායම් බලපත්‍ර දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගැනීමේ අවස්තාව සලසා දී තිබෙනවා.
කුණු පළාත් ලේකම් සුමිත් අලහකෝන් මහතා සඳහන් කලේ බස්නාහිර පළාතේ ලියාපදිංචි මෝටර් රථ වල ආදායම් බලපත්‍ර දකුණු පලාතෙන් ලබා ගත නොහැකි බවයි.
ඒ අනුව සෙසු පළාත් 8හි අදායම් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ සිට ක්‍රියාත්මකයි.

කෙසේවෙතත් වෙනත් පළාතක ආදායම් බලපත්‍රයක් දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගැනීමේ දී ඒ වෙනුවෙන් රුපියල් 100 ක අමතර මුදලක් අයකරන බවයි අලහකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content