එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දූරදර්ශී තීරණයෙන්, උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වූ පිරිසකට රජයේ රැකියා අවස්ථාව නිර්මාණය කිරීම සදහා බහුකාර්ය සංවර්ධන සහායකයින් 35,000ක් නිසි පුහුණුවකින් අනතුරුව රාජ්‍යසේවා බඳවා ගැනීම් පටිපාටි සකසමින් බඳවා ගැනීමට ගත් තීරණය රට අර්බුදයකට  පත්වූ අවස්ථාවෙන් අනතුරුව වර්තමාන ගරු ජනාධිපතිවර රනිල් වික්‍රමසිංහ මහතාගේ තියුණු නායකත්වයෙන් රට ස්ථාවරයත්වයට පත් කරමින් යන ගමනේ ප්‍රතිඵලයක් ලෙස  හැකියාව සැලසුනු බවත් ඒ වෙනුවෙන්, ඔවුන් දෙපළටම ප්‍රශංසාවත්, ස්තූතියත් පුද කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසා සිටිිියා.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ බහුකාර්ය සංවර්ධන සහායකයින් වශයෙන් බඳවාගත් 1195 ක පිරිසක් පළාත් රාජ්‍ය සේවය වෙත ස්ථිර පදනමෙන් පත්කිරීමේ මධ්‍යම පළාත් වැඩසටහන එම මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පල්ලේකැලේ පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයෙහිදී (26) පැවති අවස්ථාවේ දී අදහස් දක්වමිනි.

රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ මූලික අධ්‍යාපන පදනම නොමැති ව සිටි පුද්ගලයින්, විධිමත් වැඩසටහනක් ඔස්සේ, සුදුසුකම් ලත් අයවළුන් බවට  පත්කරමින්  පුද්ගලයින් 35000ක් රාජ්‍ය සේවය සදහා සුදුස්සන් බවට පත්කිරීම කාලීනව ඉතා වැදගත් වු කාර්යයක් බවත්,මේවන විට එම කණ්ඩායමෙන් වයස අවුරුදු 45 ට වැඩි බහුකාර්ය සංවර්ධන සහායකයින්ගේ ගැටලුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බවත් සදහන් කළ ඒ මහතා රාජ්‍ය සේවය ලෙසින් හඳුන්වන්නේ මහජනතාවගේ මුදලින් වේතනය ලබන සේවයක් බවත්, එහිදී සැබෑ ලෙස ම  ජනතාව වෙත සේවය කිරීම අවශ්‍ය බවත්,  අයිතිවාසිකම් කෙරෙහි නොව වගකීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් සදහන් කර පළාත් ආණ්ඩුකාරවරයා, රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට කාලය එළඹ ඇති බව මෙහිදී සදහන් කර සිටියා.

කුමන බාධක මධ්‍යයේ වූවද, රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රශස්ථ මට්ටමෙන් පවත්වාගැනීම සදහා රජය කටයුතු කරනු ලබන බවත්, මේ වනවිට අනියම් සේවකයින් ස්ථීර කිරීම මෙන්ම උපාධිදාරින් ගුරු සේවයට බඳවා ගැනීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන පසුබිමක් ඇති බවත් සදහන් කළ ආණ්ඩුකාරවරයා රාජ්‍ය සේවය ජනතාවාදී විය යුතු බවත් සමහරුන් අවසානයට ගත යුතු තීරණ මුලින් ගැනීම නිසා ජනතාව මහත් පීඩාවට පත් වන බවත්, ඉකුත්දා සිදුකළ දුම්රිය වර්ජනය ඊට උදාහරණයක් බවත්,  රට අභියෝග කාරි තත්ත්වයකට පත්ව  ඇති තැනකදී රට සංවර්ධනය  වෙනුවෙන් සියලු දෙනා එක් ව කටයුතු කරමු යන ආරාධනය තමා සිදුකරනු ලබන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටි අතර මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ දිසානායක, තිලක් රාජපක්ෂ , උදයන  කිරිඳිගොඩ , මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී.නිමලසිරි , පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද එක් විය.

WhatsApp Group

Skip to content