පළාත් පාලන මැතිවරණ වලට අදාළ නඩුවෙන් තම පක්ෂය ජයගනු ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ මෙතෙක් කල් තම පාර්ශ්වයේ තීරණය කුමක්ද යන්න පිළිබඳ මැතිවරණ කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර නොමැති බවයි.

කෙසේ වෙතත් අද දිනයේදී ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිට තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුවට පෙනී සිටිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුනිල් වටගල මහතා කියා සිටියේ මේ තුළින් සාධාරණයක් අත්වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.

https://www.vnews.lk/storage/2023/07/SUNIL-WATAGALA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content