පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවති පෙත්සම් විභාගය අවසන් කර තිබෙනවා.
අදාළ පෙත්සම් විභාගය ඊයේ දෙවන දිනටත් පැවැත්වුණේ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි.
ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබනු ලැබුවා.
පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමට එරෙහිව ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් ගොණුකර තිබුණා.
මේ පෙත්සම් විභාගය අවසන් වීමෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වු පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා.

WhatsApp Group

Skip to content