පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් කඩිනමින් ස්ථිර කරන බව රජය පවසනවා.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඊට අදාළ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බවයි.
පළාත් පාලන ආයතනවල මේ වනවිට පුරප්පාඩු සංඛ්‍යාව 12,000 ක් පවතින අතර, එම පුරප්පාඩු පියවීම සඳහා අදාළ සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදෙන බව අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළා.
මේ වන විට පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් සංඛ්‍යාව 10,000ක් වනවා.

WhatsApp Group

Skip to content