පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව විශේෂ සාකච්ඡාවක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වෙනවා.

එම සාකච්ඡාවට මැතිවරණයට අදාළ සියලු පාර්ශව එක්ව තිබෙනවා.

එම සාකච්ඡාව සදහා සහභාගි වීමට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී.එල්.පීරිස් මහතා සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/03/MATHIWARNA-EDIT-.mp3?_=1

මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් මැතිවරණ කොමිසම වෙත යොමු කර තිබෙනවා.

අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව මත පළාත් පාලන ඡන්ද විමසීම් සදහා වෙන් කර ඇති මුදල් රදවා ගැනීම වළක්වා ගැනීම මගින් ලබන 19 වනදාට පෙර ඡන්ද විමසීම අනිවාර්්‍යයෙන් පැවැත්විය යුතු බවයි.

WhatsApp Group

Skip to content