පළාත් කිහිපයකට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

ඒ, මිජවුම් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් .

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, උතුර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

මේ අතර මිජවුම් සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වෙමින්, දිවයිනෙන් බැහැරට ගමන් කරමින් ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට මිජවුම් සුළි කුණාටුව යාපනයේ සිට කිලෝමීටර් 365 ක් ඈතින් ඊශාන දෙසින් පවතින බවයි.

මේ ඒ පිළිබදව අදහස් පළ කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා.

https://www.vnews.lk/storage/2023/12/MERIL-MENDIS-EDIT-01.mp3?_=1

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ මෙරිල් මෙන්ඩිස් මහතා.

 

https://www.vnews.lk/storage/2023/12/MERIL-MENDIS-EDIT-02-1.mp3?_=2

WhatsApp Group

Skip to content