ඉතිහාසයේ පළමු වරට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් අද දිනයේ දී වර්ජනයක නිරතවීමට නියමිතව තිබෙනවා.

කොළඹදී ඊයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළා.

රෝහලේ ඇති ගැටළුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් විසින් දිගින් දිගටම කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු සදහන් කළේ.

අද දිනයේ සිදුකරන මෙම වර්ජනයට රෝහල් අධ්‍යක්ෂවරයා වගකිව යුතු බවද රජයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/07/HARITHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content