ගතවූ වසර දෙකට සාපේක්ෂව 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්රයේ පැහැදිලි වර්ධනයක් සිදු වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා පැවසීය.
2022 වසරට සාපේක්ෂව 2023 වසරේ වාර්තා වූ කෘෂි අපනයන ආදායමේ අවාසි සහගත තත්ත්වය පාලනය කිරීමට ගත් කඩිනම් ක්රියාමාර්ග හේතුවෙන් මෙම ප්රගතිය ලබා ගත හැකි වූ බවද ඒ මහතා සඳහන් කළේය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ඊයේ (15 ) ජනාධිපති මාධ්ය කේන්ද්රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
පසුගිය කාලපරිච්ඡේදය තුළ පැවති කෘෂි කර්මාන්තයට අහිතකර දේශගුණික තත්ත්වයන් හමුවේ මෙවන් ප්රගතියක් ලබා ගැනීම ජයග්රහණයක් බවත් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

WhatsApp Group

Skip to content