ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය රැගත් නෞකාවක් හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.

වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එහි බිත්තර ලක්ෂ 20 ක් අඩංගු බවයි.

මෙලෙස ආනයනය කරන බිත්තර, බේකරි නිෂ්පාදන සඳහා පමණක් යොදා ගැනීමට මේ වන විට තීරණය කර තිබෙනවා.

ආනයනික බිත්තර භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන්නැයි,අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පසුගියදා උපදෙස් ලබා දුන්නා.

රටවල් කිහිපයක ව්‍යාප්තවී යන කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීමට වැළැක්වීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කලේ .

මේ අතර බිත්තර ආනයනය සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා .

මුදල් අමාත්‍යාංශය විසින් බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පෙබරවාරි 21 වනද සිට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් ආනයනය කිරීමේ දී රුපියලක් දක්වා අඩු කර තිබෙනවා.

අදාළ බදු සංශෝධනය මාස තුනක කාලයක් සඳහා වලංගු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කලේ.

මේ අතර කුකුළු වියාපරක්යින් සුරැකීමේ සංවිධානයේ කැදවුම්කරු සංජීව කරුනාසාගර මහතාද බිත්තර ආනයන සමබන්ධයෙන් අදහස් පල කලා.

https://www.vnews.lk/storage/2023/02/SANJEWA-KARUNASAGARA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content