ඉදිරි දින කිහිපය තුලදී කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් ඇති අවදානම් සහිත විශාල ගල් කිහිපයක් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, හේතුවෙන් මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහාතා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එම ස්ථානට ගොස් ස්ථානීය පරික්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කලා.

පසුගිය 23 වනදා මෙම මාර්ගයට විශාල ගසක් කඩාවැටීමෙන් පසු එම ප්‍රදේශය පිළිබඳ පරීක්ෂණ සිදුකර තිබුණා

එහිදී නිරික්ෂණය වී තිබුණේ මාර්ගයට ඉහළින් දැඩි අවදානම් සහිත ගල් කුට්ටි කිපයක් හා විශාල ගස් කිහියක්ද අවදානම් තත්ත්වයේ ඇති බවයි.
ඒ අනුව 28වනදා එම ගල් ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිත බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද සඳහන් කලේ.

WhatsApp Group

Skip to content