මහනුවර මහ නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකුට පහර දුන් බව කියන එම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර මුලස්ථාන පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මන්ත්‍රීවරයකු බව සඳහන්.

එම පහරදීමෙන් නගර සභා කම්කරුවාගේ කන ප්‍රදේශයට බරපතල තුවාල සිදුව තිබෙනවා.

මෙම පහරදීමට විරෝධය දක්වමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සුදහම්පොළ උප කාර්යාලයට අනුයුක්තව සේවය කරන කම්කරුවන් අද සේවා කටයුතුවලින් ඉවත්ව සිටීමටද පියවර ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content