විල්වත්ත දුම්රිය මාර්ගයේ සිදු වූ රිය අනතුර හේතුවෙන් ගමනාගමනය ඇණහිට තිබූ පස්යාල – ගිරිඋල්ල මාර්ගය මේ වන විට විවෘත කර තිබෙනවා.

කෙසේ වෙතත් දුම්රිය මාර්ගයේ ඉහළ සහ පහළ මාර්ග දෙකෙහිම දුම්රිය ධාවනය තවදුරටත් ඇණහිට පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් දුම්රිය රැසක් ප්‍රමාද වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද උදෑසන විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී කන්ටේනරයක් දුම්රියක ගැටීම හේතුවෙන් ගිරිඋල්ල මීරිගම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබුණා.

පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ කාර්යාල දුම්රියේ මෙම කන්ටේනරය ගැටී තිබෙනවා.

අනතුරින් දුම්රිය එන්ජිමට දැඩි හානි සිදුව ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content