වසර 2024 අය-වැයෙන් රාජ්‍ය සේව­ක­යන්ට වැඩි­කළ රුපි­යල් 10,000ක දීම­නා­වෙන් ඉතිරි රුපි­යල් 5000 අප්‍රේල් මාසයේ වැටුප සමඟ ලබා දෙන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා සඳහන් කරයි.

මාර්තු මාසයේ වැටුප ගෙවී­මෙන් අන­තු­රුව සියලු රාජ්‍ය සේව­ක­යන්ට අප්‍රේල් මාසයේ වැටු­ප ද එම මාසයේ 10 වැනි දිනට පෙර ගෙවී­මට සූදා­නම් බවත් රාජ්‍ය ඇමැ­ති­ව­රයා කියයි.

එමෙන්ම අඩු ආදා­යම්ලාභී පවුල් ලක්ෂ 28කට නොමිලේ සහල් කිලෝ 10 බැගින් ලබා දීමට කට­යුතු කරන බවත් ඇමැ­ති­ව­රයා කීවේය.

WhatsApp Group

Skip to content