පලස්තීන ජාතික ධජය , එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2015 සැප්තැම්බර් මස 30 දින නිල වශයෙන් පිළිගැනීම සැමරීම වෙනුවෙන් විශේෂිත උත්සවයක් මීගමුව ඒත්තුකාළ ජෙට්වින් බ්ලූ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණා
මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ සෞදි අරාබිය , ඕමානය , ඊජිප්තුව , කියුබාව , වියට්නාමය , ඉන්දුනීසියාව , මැලේසියාව , බංග්ලාදේශය සහ පලස්තීනය යන රටවල තානාපති නිලධාරීන් පැමිණ සහභාගී වී සිටියා  .
මෙම උත්සවය ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා කමිටුව , පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් සංවිධානය කර තිබූ අතර මේ සදහා සමාජ ක්‍රියාධරයන් ඇතුළු විශාල පිරිසක් ද පැමිණ සිටියා .
මෙම උත්සවයට සහභාගීව එම හෝටල් වෙරළ තීරයේ සරුංගල් යැවීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණා .

WhatsApp Group

Skip to content