පලස්තීන ජාතිකයින් ලක්ෂ 7 ක් පමණ රෆා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සිවිල් වැසියන් දහස් ගණනක් පානීය ජලය හා ආහාර නොමැති වීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වනවා. YouTube

ඒ අනුව සතියකට අධික කාලයක් පුරා ඊශ්‍රායලය එම ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග සහන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 35,272 නෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබු පිරිස 79,205 ක් ලෙසයි සටහන් වන්නේ.

WhatsApp Group

Skip to content