පලස්තීනුවන් හාරලක්ෂ 50,000ට ආසන්න පිරිසක් රෆා නගරයෙන් පලාගොස් තිබෙනවා.
ඊශ්‍රායල යුධ ටැංකි දකුණු ගාසා තීරයට පැමිණීමත් සමග මෙලෙස පලස්තීනුවන් පලාගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම පිරිස අධික වෙහෙසට පත්ව කුසගින්නෙන් පෙලෙන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් රෆා නගරයේ ත්‍රස්ථ ඉලක්කවලට පහරදීම දිගටම සිදු කරන බවට ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content