එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුර්ණ කාලීන සාමාජිකත්වය පලස්තීනයට ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් වු යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

පලස්තීනයට පුර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබද ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත්ව තිබුණා.

අදාළ යෝජනාවට ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් 143ක් පක්ෂව ඡන්ද ලබා දී ඇති අතර රටවල් 09ක් විපක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා.

එමෙන්ම තවත් රටවල් 25ක් අදාළ යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

WhatsApp Group

Skip to content