එළඹෙන ජූනි මස 05 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදුන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

ජනතාව දුෂ්කරතාවට මුහුණ දී සිටින මේ අවස්ථාවේ ඇතැමුන් විවේචනයට පමණක් සීමාවෙමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ ගන්නා බව පෙන්වා දුන් ඒ මහතා මේ මොහොතේ අවශ්‍ය වන්නේ සියලු දෙනා එක්ව විපතට පත් ජනතාව එම තත්ත්වයෙන් මුදවා ගැනීම බව ද සඳහන් කළේය.

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

WhatsApp Group

Skip to content