ජනාධිපතිවරණයේ ප්‍රචාරන කටයුතු සදහා සැරසිලි සිදුකිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය විසින් මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබෙනවා.

මැතිවරණ ප්‍රචාරන කටයුතුවලදී ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතයෙන් වළකින ලෙසට ජනාධිපතිවරණ අපේක්ෂකයින් දැනුවත් කරන ලෙසයි පරිසර අමාත්‍යංශය ඉල්ලා ඇත්තේ.

1980 අංක 47 දරණ ජාතික පරිසරික පනතේ 23 වන වගන්තියට අනුව දේශපාලන, සමාජිය , ආගමික , ජාතික සහ සංස්කෘතික ඇතුළු උත්සව සදහා පොලිතින් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය තහනම් කර තිබෙනවා.

යහපාලන රජය සමයේදී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම රෙගුලාසි බලාත්මක කර තිබුණා.

WhatsApp Group

Skip to content