ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී.විජේසූරිය මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

මෙම තීරණය එළඹෙන සතියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දැනුම් දීමට නියමිත අතර එහිදි වෛද්‍ය ජී.විජේසූරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ද සිදු කිරීමට බලාපොරොත්තු වන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියා.

මේ අතර ඉල්ලීම් 7 ක් මුල්කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් දිවයිනේ සියලු රෝහල්වල ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද උදෑසන 8 ට අවසන් වුණා.

WhatsApp Group

Skip to content