පරාටේ නීතිය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ණය ගැනුම්කරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීම සඳහා බැංකුවලට බලය හිමිවන නීතිය මෙම පනත මගින් සංශෝධනය කෙරෙනු ඇති

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීමට පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ අතර එහි දැක්වුණේ ගෙවීම් පැහැර හැරෙන ණය මුදල් සම්බන්ධයෙන් ඇප වශයෙන් බැංකුව වෙත උකස් කර ඇති දේපළ වෙන්දේසියේ විකිණීම අදාළ පනත සම්මත වන දිනයේ සිට දෙසැම්බර් 15 වැනිදා දක්වා අත්හිටුවීමටයි .

WhatsApp Group

Skip to content