පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ නව නිපැයුම් ඇතුලත් විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනික ප්‍රදර්ශනය එම පාසල් භූමියේදී දින 03 ක් පුරා පැවති අතර එම ප්‍රදර්ශනය නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා ඊයේ (24) කටයුතු කර තිබුණි.

සියයකට අධික නිර්මාණ සංඛ්‍යාවකින් යුක්ත වු මෙම ප්‍රදර්ශනයේදී විද්‍යාව, සංස්කෘතිය, වාරි තාක්ෂණය, තොරතුරු තාක්ෂණය හා මාධ්‍ය තාක්ෂණය ඇතුලු අංශ ගණනාවක් නියෝජනය වන පරිදි මෙම නිර්මාණ සිසු දරු දැරියන් විසින් මෙම ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කර තිබු අතර, භාෂා විකාශනය ද නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කර තිබුණි.

ප්‍රදර්ශනය නිරීක්ෂණය කළ ආණ්ඩුකාරවරයා එම දරුවන්ගේ කුසලතා අගය කිරීමට කටයුතු කළ අතර ඇතැම් නිර්මාණ ඉතා සුවිශේෂි ඒවා බව ද සදහන් කර සිටි අතර, මෙහිදී ශ්‍රී ලංකාවේ පෞඩ ඉතිහාසය සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීමට ද පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කළේය.

WhatsApp Group

Skip to content