පාකිස්තාන හිටපු ක්‍රීඩකයින් වන උමාර් ගුල් හා සයීඩ් අජ්මාල් එරට ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවන් ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ගුල් විසින් වේග පන්දු යැවීමේ පුහුණුකරු ධූරයටත්, අජ්මාල් දග පන්දු යැවීමේ පුහුණුකරු ධූරයටත් පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තානයට නොහැකි වීමත් සමග එරට ජාතික කණ්ඩායමේ බළධාරීන් රැසකගේ වෙනසක් සිදු කිරීමට පාකිස්තාන ක්‍රිකට් අයතනය පියවර ගත්තා.

ඒ අනුව නව තේරීම් කමිටු සභාපතිවරයා ලෙස වහබ් රියාස් ද, කණ්ඩායම් අධ්‍යක්ෂවරයා ලෙස මොහමඩ් හෆීස් ද පත් කෙරුණා.

WhatsApp Group

Skip to content