“ටික්ටොක්” සමාජ මාධ්‍ය යෙදවුම තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පත අමෙරිකා එක්සත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා.

එම පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත වී ඇති අතර එය නීතියක් බවට පත්වීම සඳහා සෙනට් සභාවේ අනුමැතිය හිමිවිය යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

තවදුරටත් එම පනත අනුව “ටික්ටොක්” මව් සමාගමේ අමෙරිකානු ශාඛාව ඉවත් කර ගැනීම සඳහා මාස 6ක කාලයක් ලබාදීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

WhatsApp Group

Skip to content