යෝජිත නව විදුලිබල පනත පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාගේ අදහස් හා යෝජනා ලබාගෙන එහි සාධනීය තැන් සලකා බැලීමෙන් අනතුරුව පනතේ ජනතාවාදී සංශෝධන කිහිපයක් සිදු කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා සදහන් කළේ විදුලි සේවකයන් දැනට ලබන වැටුප්, දීමනා සහ වරප්‍රසාද ප්‍රතිසංස්කරණ වලින් පසුවද ඒ අයුරින්ම පවත්වාගෙන යෑම සඳහා තම කාරක සභාව යෝජනා කළ බවයි.

වී FM සිද්ධමුල්ල කාලීන වැඩසටහනට එක්වෙමින් බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා මෙම අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2024/06/NALAKA-KOTTEGODA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content