නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය 09 වනදා නිකුත් කිරීමටයි කටයුතු කළේ.

ඒ අනුව පනතට අදාළ වු විධි විධාන අද සිට බලාත්මක වනවා.

එමෙන්ම අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන ද අද සිට ක්‍රියාත්මක වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content