පකිස්ථානයේ ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක ඇතිවූ තෙරපීමකින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

කරච්චි නගරයේ පිහිටි ආහාර බෙදා දීමේ මධ්‍යස්ථානයකයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

තිරිගු පිටි නොමිලේ බෙදා දෙමින් සිටින අතරවාරයේ දී ඇතිවූ කලබලකාරී තත්ත්වයක් නිසා සිදුවූ තෙරපීමකින් මෙම පිරිස මිය ගොස් තිබෙන බව සදහන්.

මියගිය වැඩි පිරිස අතර කාන්තාවන් වන බවයි වාර්තා වන්නේ.

අධික උද්දමනය නිසා ආර්ථික අර්බුදයකට ලක්ව සිටින පාකිස්ථාන ජනතාවට විවිධ සංවිධාන හරහා නොමිලේ ආහාර බෙදාදීම් සිදුවනවා.

මේ හේතුවෙන් තරගකාරීත්වය නිසා අධික තෙරපුම් ඇතිව මෙවන් අනතුරු සිදුවන බව අනුමාන කෙරෙනවා.

පසුගිය මාසය පුරා මෙවැනි තෙරපීම්වලින් මියගිය සංඛ්‍යාව මේ අනුව 21ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පාකිස්ථාන ආරක්ෂක අංශ පවසන්නේ.

WhatsApp Group

Skip to content