පකිස්තානයේ බලෝකිස්තාන ප්‍රාන්තයේ වැසියන් උග්‍ර පානීය ජල හිගයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාලනාධිකාරිය විසින් එම ප්‍රාන්තය තුළ ස්ථාපිත කර ඇති ජල පෙරන යන්ත්‍ර නිසිපරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් ඒවා අක්‍රීය වී ඇතැයි සදහන්.

ඒ හේතුවෙන් බලෝකිස්තානයේ ජනතාවට පානීය ජලය සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

කෙසේවෙතත් පාකිස්තානයේ පානීය ජල අර්බුදයක් පිළිබඳ වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මීට පෙර එරට සින්ද් පළාතේ වැසියන් ද උග්‍ර පානීය ජල අර්බුදයකට මුහුණ පෑ අතර එය දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් දක්වා එය වර්ධනය වූනා .

WhatsApp Group

Skip to content