ස්වයං තීරණයක් මගින් සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ට ඊයේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

එහිදී වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් නෛතික බලයක් නැති බවටයි පක්ෂ නායකයන්ගෙන් තර්කයක් ඉදිරිපත්වී ඇත්තේ.

නෛතික බලයක් තිබුණද ජනතාව පීඩාවට පත්වී සිටින මොහොතක සියයට 70කින් වැටුප් වැඩි කරගැනීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවද පක්ෂ නායකයන් එහිදී පවසා තිබෙනවා.

මෙම වැටුප් වැඩි කිරීම නිසා මාසිකව රුපියල් මිලියන 232කට ආසන්න මුදලක් වැය වන බවටත් අනාවරණයවී තිබෙනවා.

WhatsApp Group

Skip to content