චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුව අද පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි .

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් චමෝදිගේ මරණයට හේතුව තහවුරු කර ගැනීමට මෙම පරීක්ෂණ කමිටුවට හැකි වන බවයි.

අදාළ එන්නත ලබාදුන් 12 දෙනෙකු මේ වනවිටත් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බව සදහන් .

https://www.vnews.lk/storage/2023/07/KEHELIYA-RAMBUKKWALLA-EDIT-.mp3?_=1

21 හැවිරිදි චමෝදි සංදීපනී පසුගිය සඳුදා පාචන රෝග තත්ත්වයක් හේතුවෙන් කැටපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර තිබුනා .

එදින රාත්‍රියේ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරු කර තිබුණි.

ඥාතීන් පවසන්නේ, ඇයට ලබාදුන් එන්තකින් පසුව ඇය රෝගී වී මිය ගිය බවයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සබාපති රුක්ෂාන් බෙල්ලන මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2023/07/RUKSHAN-BELLANA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content