රුවන්වැලි මහාසෑයේ ප්රධාන රථගාල ලෙස වර්තමානයේ සංවර්ධනය කර ඇති භූමිය මධ්යයේ පිහිටි පංචාවාස ගොඩනැඟිලි සංකීර්ණයක ප්රධාන ගොඩනැඟිල්ල ලෙස හඳුනාගෙන ඇති ස්මාරකයෙහි සංරක්ෂණ කටයුතු මධ්යම සංස්කෘතික අරමුදලේ මහාවිහාර ව්යාපෘතිය මඟින් ආරම්භ කර තිබේ.
පුරාවිද්යා දෙසතිය වැඩසටහන මූලික කර ගනිමින් ඉකුත්දා මේ පිළිබඳව සොයා බැලීමක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සිදු කළහ.
ස්මාරකයේ ශේෂ සාධක ඔස්සේ මෙම සංරක්ෂණ කටයුතු සිදු කරමින්, ස්මාරකයේ වාස්තු විද්යානුකූල ලක්ෂණ පිළිබඳව අධ්යයනය කර පැරණි ඉදිකිරීම පිළිබඳව අවධානය යොමු කර මෙම ගොඩනැඟිල්ල ප්රදර්ශනාත්මක අයුරින් ගොඩනැංවීම ඉතා සුදුසු බව එහිදී අමාත්යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ ය.

WhatsApp Group

Skip to content