දිරා ගිය විශාල මාර ගසක් කඩා වැටිමෙන් ඇණ හිට තිබු ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් ශ්‍රි පාද මාර්ගයේ ගමනා ගමන කටයුතු (07) දින පස්වරු 2 සිට යලි යථා තත්ත්වයට පත් කල බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

එම මාර්ගයේ ටැප්ලෝ ප්‍රදේශයෙන් මාර්ගයට ඉහලින් පිහිටා තිබු මාර ගස (07) දින දහවල් 12.30 ට පමණ ප්‍රධාන මාර්ගය අවහිර වන සේ කඩා වැටුණු බවත්, පසුව ප්‍රදේශවාසින් සහ නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගස කපා ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ ගමනා ගමනය යලි යථා තත්ත්වයට පත් කර ඇත.

එම මාර්ගයට ගසා කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනය පැය 1 ½ පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.

WhatsApp Group

Skip to content