නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස කොටසක් අද (04) නායගොස් ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසනවා.

ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අද (04) උදැසන 10.30 ට පමණ මෙම නායයාම සිදුව ඇති බවත්, එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ධාවනය කිරීමේදි මාර්ගයේ බැවුම ප්‍රදේශයෙන් රථ වාහන ධාවනය නොකරන ලෙසටත් නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

තවද එම මාර්ගයේ තවත් ස්ථාන කිහිපයක නායයාමේ සහ පස් කඳු කඩාවැටිමේ අවදානමක් පවතින නිසා රථ වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙස නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content