මහමඟ සිදුවන අනතුරුවලින් පාසල් ළමුන් 150කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව ජීවිතක්ෂයට පත්වන බව පොලිසිය පවසනවා.

නොසැලකිළිමත්ව රිය ධාවනය කිීරීම අනතුරු රැසකට හේතුව වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මහ මඟ දෛනිකව සිදුවන රථවාහන අනතුරුවලින් මෙරට පුද්ගලයින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වන බව රථවාහන පොලිසියේ දත්තවල දැක්වෙනවා.

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2020 වසරේදි රිය අනතුරුවලින් පුද්ගලයින් 2,363ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

2021 වසරේදි පුද්ගලයින් 2,513ක් සහ 2022 වසරේදි පුද්ගලයින් 2,515ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ.

මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝම්බර් මස 15 වැනිදා දක්වා වු කාලය තුළ පමණක් රිය අනතුරුවලින් පුද්ගලයන් 1,800ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.

පසුගිය වසරේ පමණක් අවුරුදු 18ට අඩු වයසේ පසුවන ළමුන්ගෙන් 129 දෙනෙක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සදහන් කළා.

එමෙන්ම, මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් අවුරුදු 18 අඩු ළමුන් 115 දෙනෙක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content