බිඳවැටීමකට ලක්ව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති අතර එය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

පසුගිය 8 වන දා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඒකක තුනෙන් එකක් බිඳ වැටීමට ලක් වුණා.

ඒ හේතුවෙන් මේ දිනවල රට තුළ පවත්නා දැඩි නියඟය හේතුවෙන් උද්ගතව තිබෙන විදුලි උත්පාදනයට එල්ල වුණේ විශාල බලපෑමක්.

ඉන් ජාතික ව්දුලිබල පද්ධතියට අහිමි වුණේ මෙගාවොට් 270 ක විදුලියක් බව ද සඳහන්.

විදුලිබල මණ්ඩලය පැවසුවේ මෙම බිඳවැටීම් නිසා බලාගාරයේ ක්‍රියාත්මක වූයේ එක් ජනන යන්ත්‍රයක් පමණක් බවයි.

කෙසේ වුවත් බිඳ වැටුණු විදුලි ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බැවින් දෙවන ජනන යන්ත්‍රය මේ වන විට විදුලිබල පද්ධතියට එක් කර තිබෙන බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ.

 

WhatsApp Group

Skip to content