යාපනයේ ඌර්කාවතුරේ ප්‍රදේශයේ බාලිකා පාසලක නේවාසිකාගාර පාලිකාව ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

නේවාසිකාගාරයේ සිටි සිටි සිසුවියන්ට පහරදීමේ සිද්ධියකට අදාළව මෙම පාලිකාව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි යාපනය මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

අමානුෂීය ලෙස සිදුවන පහර දීම් ඉවසා ගත නොහැකිව සිසුවියන් 11දෙනෙකු පොලීසියට පැමිණ භාර වී තිබු අතර ඒ අනුව අදාළ නේවාසිකාගාරයේ පාලිකාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ වන විට එම සිසුවියන් 11 දෙනා යාපනය ශික්ෂණ රෝහල ප්‍රතිකාර ලබන බව සඳහන්.

සිද්ධියට අදාළව නඩුව කැදවූ අවස්ථාවේදී අධිකරණය පොලිසියට නියෝග කර ඇත්තේ කිසිදු බාහිර පුද්ගලයෙකුට එම සිසුවියන් හමුවීමට ඉඩ නොදෙන ලෙසයි.

WhatsApp Group

Skip to content