නේපාල විදේශ ඇමතිනි ආචාර්ය බිමලා රායි පෞද්යල් සිව් දින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍රගේ මහතාගේ ආරාධනයකට අනුවයි.

ලබන 4 වැනිදා පැවැත්වෙන 75 වන නිදහස් දිනයේ ගෞරවනීය ආරධිතයෙකු ලෙස ද ඇය එක්වීමට නියමිත බව සදහන්.

ඇයගේ මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු ඇමතිවරයා ද හමු වනු ඇති.

මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ සිදු වුණා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.

දෙදින සංචාරයක් සඳහා වික්ටෝරියා නූලන්ඩ් පෙරේදා ශ්‍රී ලංකාවට පැමිණියා.

WhatsApp Group

Skip to content