අද පෙරවරු 11ට පමණ පුද්ගලයන් 19 දෙනෙකු රැගත් නේපාලයේ සෞර්යා ගුවන් සේවයට අයත් යානයක් කත්මණ්ඩු නුවරදී ගුවන්ගත වීමේදී කඩා වැටී ඇති අතර, එහි නියමුවා දිවි ගලවා ගත් නමුත් යානයේ සිටි අනෙක් 18 දෙනා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
නේපාලයේ කත්මණ්ඩුහි ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදීයි මෙම යානය අනතුරට පත්ව ඇත්තේ.