නෙළුම් කුලුණෙන් පැන සියදිවි හානි කරගත් 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයයෙන් මේ වන විට පුද්ගලයින් 05 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

එමෙන්ම අදාළ සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කෙරුණු අතර එහිදී තහවුරු වී ඇත්තේ බහුවිධ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

පෙරේදා පස්වරුවේ ප්‍රවේශ පත්‍රයක්ද රැගෙන පාසල් නිල ඇදුමෙන් නෙළුම් කුලුණ වෙත පැමිණ තිබූ ඇය කෙටි කාලයක් තුළ අවස්ථා කිහිපයකදීම සියදිවි නසාගැනීමට උත්සහ කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

WhatsApp Group

Skip to content