ශ්‍රී ලංකාව වැනි රටවල්වලට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ උපකාරී නොවන බව නෙදර්ලන්තයේ රොටර්ඩෑම්හි විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයකු වන හොවාඩ් නිකලස් පවසා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම වාතාවරණය තුළ අදාළ රටවල් සමඟ ක්‍රීඩාවක නිරත වන බවයි ඔහු පවසා ඇත්තේ.

කොවිඩ් 19 අර්බුදයට මුහුණ දීම සඳහා අයවැය හිඟයක් පවත්වා ගත යුතු බව 2020 වසරේදී ලොව පුරා රටවලට පැවසූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම ඉන් වසර 02 කට පසුව එමගින් අවුල් ජාලයක් නිර්මාණය විය හැකි බවයි ආචාර්ය හොවාඩ් පවසා ඇත්තේ.

රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම හැර රජය අන් කිසිවක් නොකරන බවත්, මෙවන් ක්‍රියාමාර්ග කිසිදු රටක ආර්ථික වර්ධනය සඳහා උපකාර නොවන බවත් ආචාර්ය හොවාඩ් නිකලස් පවසා තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව සිය රාජ්‍ය පරිපාලන කටයුතුවල ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු බවට වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයේ යම් සත්‍යතාවක් තිබුණත්, එය රටේ ආර්ථික අර්බුදවලට පිළියමක් නොවන බවයි.

කෙසේ වෙතත් ආචාර්ය හොවාඩ් නිකලස් යෝජනා කර ඇත්තේ, ශ්‍රී ලංකාව අපනයනය ඉලක්ක කර ගත් කාර්මීකරණ මාවතකට ප්‍රවේශ විය යුතු බවයි.

WhatsApp Group

Skip to content