වැල්ලවාය, නෙත්තමළුව රක්ෂිතයේ හටගත් ගින්නක් හේතුවෙන් අක්කර 20ට අධික භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා

නෙත්තමළුව කඳු රක්ෂිතයේ දී ඊයේ පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇති අතර ඊයේ රාත්‍රී කාලය පුරාවටම කඳු රක්ෂිතයේ ගින්න වේගයෙන් ව්‍යාප්ත වී ඇති බවයි අනාවරණය වන්නේ.

එම ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගින්න පැතිරගොස් තිබෙනවා.

අද අලුයම වන විට ගින්න පාලනය කර තිබූ නමුත්, තැනින් තැන තවමත් ගිනිගැනීම් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content