පසුගිය සෙනසුරාදා ගාසා තීරයේදී මියගිය ප්‍රාණ ඇපකරුවන් හය දෙනා බේරා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

දස දහස් ගණනක ඊශ්‍රායල ජනතාවක්, අගමැතිවරයා සහ ඔහුගේ රජයට විරෝධය පළ කරමින් රට පුරා වීථි බැස දෙවන දිනටත් විරෝධතා ක්‍රියාත්මක කරන අතරයි ඔහු මේ බව කියා සිටියේ.

විරෝධතාකරුවන් චෝදනා කළේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමේ සාකච්ඡා නිවැරදි ආකාරයට නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බවයි.

WhatsApp Group

Skip to content