මහනුවර නගරයේ දැඩි අඳුරු බවින් යුත් ස්ථාන සම්බන්ධ ගැටලුව පිළිබඳ සැලැස්මක් සකස් කර ඉදිරිපත් කිරීමට අදාළ සාකච්ඡාවක් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

පසුගිය මැයි 21 රාත්‍රී කාලයේ දී මහනුවර නගරයේ දැඩි අඳුරු බවින් යුත් ස්ථාන පරික්ෂා කළ රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට භාර දුන්නේ ඒ පිළිබඳව සැලැස්මක් සකස් කර ජූනි මස 11 ට පෙර ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව පසුගියදා (10) රැස් වී එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලු සාකච්ජා කර එයට විසඳුම් ලබා දී ඇති අතර මෙම සැලැස්ම කඩිනමින් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය උපදෙස් ලබා දීමට ද රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

WhatsApp Group

Skip to content