නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලිය වෙත ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ අදාළ වැසිකිලිය වෙත ගිය 72 හැවිරිදි පුද්ගලයෙක් ඒ තුලදීම මියගොස් තිබුනා.

එමෙන්ම අද උදැසන කාලයේදී අදාළ වැසිකිලිය වෙත ගිය බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයකුද ඒ තුලදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව විමර්ෂණන කටයුතු සිදු කරන තෙක් එම වැසිකිලිය මුද්‍රා තැබිමට පියවර ගෙන ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content