වෙරළබඩ කලාපයන්හි සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි රජය ගෙනයන වැඩපිළිවෙළට සමගාමීව මෙතෙක් කල් ක්‍රියාත්මක කිරීමට නොහැකිව තිබූ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නීල ධජ වෙරළ තීරයන් ස්ථාපිත කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති අසේල බී. රැකව මහතා කඩිනම් පියවර ගෙන තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ හා ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙහි පළමු අදියරය යටතේ දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයට ලක්ව ඇති ගාල්ල උණවටුන, ආරුගම්බෙ, පාසිකුඩා සහ බෙන්තොට යන වෙරළ තීරයන් නීල ධජ වෙරළ තීරයන් බවට පත්කිර්‍රිම සඳහා පියවර ගෙන තිබේ.

මෙම නීල ධජ වෙරළ තීරයන් බවට පත්කිරීමට අවශ්‍ය සහතිකකරණයේදී ජල තත්ත්වය, පාරිසරික කළමනාකරණය, ආරක්ෂාව, පාරිසරික දැනුවත් කිරීම් හා තොරතුරු ලබාදීම යන ක්ෂේත්‍ර හතර යටතේ නිර්ණායකයන් 33 සපුරාලීම සිදුකළ යුතුය.

WhatsApp Group

Skip to content