කටුනායක ගුවන් තොටුපොළ සියලු‍ පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටි ගුවන් මගියෙකු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ රුපියල් විසි දෙලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද(11) දින අලු‍යම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අතඅඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි, නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙක් බවයි ගුවන් තොටුපොළ වාර්තාකරු කියා සිටියේ.

ුඅදාළ ව්‍යාපාරිකයා ඩුබායි සිට ඕමානයේ මස්කට් නුවර වෙත පැමිණ, එතැන් සිට අද(11) දින අලු‍යම 03.30ට ස්ලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මොහු විසින් රැගෙන ආ ගමන් මලු‍ දෙකක් තුළ ”‍මැන්චෙස්ටර්”‍ වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 22,800ක් අඩංගු දුම්වැටි කාටූන් 114 ක් සගවා ගෙන සිටියදී, පොලිසිය විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන ඇති බවයි වී නිව්ස් ගුවන් තොටුපොළ වාර්තාකරු කියා සිටියේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු ව්‍යාපාරිකයා සහ නීති විරෝධි විදේශීය දුම්වැටි තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content