වසරේ ගත වූ කාලය තුළ නීති විරෝධී ලෙස මෙරටට රන් ආනයන කළ බවට ආයතන පහක් හඳුනාගෙන ඇති බවත්, එම ආයතන වෙත රුපියල් මිලියන 1243ක දඩ මුදල් නියම කළ ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අදාළ ආයතන අතරින් එක් ආයතනයකට රුපියල් මිලියන 179ක ගෙවීමට නියම වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි. මින් ඉදිරියට රන්භාණ්ඩ ආනයන සිදුකරන බලපත්‍රලාභී සියලු ආයතන මෙම නීති විරෝධී ක්‍රියාවන් වෙතින් මිදිය යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා අදාළ ආයතන සෘජුව ආනයනය නොකර තුන් වැනි පාර්ශ්ව මගින් මිලදී ගන්නා රන් සඳහා ද නිෂ්පාදන වාර්තා සලකා බලා දඩ මුදල අය කරගන්නා බව අවධාරණය කළේය.

රාජ්‍ය ආදායම අහිමි වීමට අදාළ ව පැවැති සිදුරු ක්‍රමයෙන් පියවරෙන් පියවර වසා දමමින් මෙරට රාජ්‍ය ආදායම තහවුරු කිරීමේ කටයුතු මේ වනවිට කරගෙන යන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

WhatsApp Group

Skip to content